Monday 29 August 2011

"හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ"

මේක ලගදි මගෙ හොද කලාකාමී යාලුවෙක් කියපු කතාවක්.
මේක ඇත්තටම අපි කවුරුත් එක පාරක් හරි මුමුණලා තියන ලස්සන සින්දුවක් එක කාලෙක අපේ රටේ හිටපු සුන්දර මනුස්සයෙක් අතින් ලියවුනු හැටි ගැන කියවෙන පොඩි කථාවක්.සින්දුව තමයි පුන්සිරි සොයිසා මහත්මය ගායනා කරන "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" කියන සින්දුව. මේක ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර මනුස්සය.
ඔන්න ඉතින් කතාව. සන්ගීත ෆීල්ඩ් එකේ ඒ කාලෙ හිටපු සෑහෙන පොරවල් මධුවිතට බොහොම ලොල් උන හොදට බොන ඩයල් කියල තමයි කවුරු උනත් කියන්නෙ. ඉතින් මේ කථාවෙ එන ප්‍රේමකීර්ති මහත්තයත් එම සෙට් එකටම අයිති මනුස්සයෙක් තමයි(ලූ).ෆීල්ඩ් එකේ ගොඩක් අය එතුමා ගාවට සින්දුවක් ලියගන්න යන්නෙ මේ හේතුව නිසාම හිස් අතින්නම් නෙවෙයි(ලූ).
ඔන්න දවක් පුන්සිරි සොයිසා මහත්තය ගියාලු ප්‍රේමකීර්ති මහත්තයට කියල සින්දුවක් ලියවගන්න. ඉතින් සිරිත් පරිදි හොද බෝතලයකුත් අරගෙනලු ගියේ වැඩේ කරගන්න. කරුමෙක මහත කියන්නෙ පුන්සිරි මහත්තය යන වෙලාවෙ ප්‍රේමකීර්ති මහත්තය බොහොම වැදගත් වැඩකට එලියට යන්න ලෑස්ති වෙනවලු.දැන් පුන්සිරි මහත්තයගෙ අතේ තියන බඩුව දැක්කම යන්න තියන ගමනත් අමතක වෙනවනෙ, ගමන නොයාමත් බැරිලු, ඔන්න ඉතින් ඒ ගමන ඒ හදිස්සියට ලියල දුන්නලු මේ මුල් පද ටික.

"හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමු විය යුතු වේ..
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ" කියල :)

ඇත්තටම එ සින්දුව ඇහුවම හිතෙන්නෙ පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතියට ආදරෙන් කරන ඇරයුමක් වගේ, ඒ උනාට සින්දුවෙ පලවෙනි පද ටික හැදිල තියෙන්නෙ ඔන්න ඔහොමයි. ඊලග දවසෙ මිහිර අරන් ආයෙ ආවම ඉතුරු ටික හොදට ලියවෙන්න ඇති.

සමහරු මේ කතාව අහල ඇති.. අත්තටම ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ අපි කවුරුත් ගොඩක් ගරු කරන, අපේ රටේ අවාසනාවකට නැතිවෙලා ගියපු මනුස්සයෙක්. මේ කථාව ලිව්වෙ එතුමට අගෞරවයක් කරන්න නෙවේ, ඒ කාලෙ එතුමන්ලගෙ තිබ්බ නිර්මාණශීලී හැකියාව කොයි තරම්ද කියල මට මේ කථාව අහුනම දැනුන හැගීම කට්ටයත් එක්ක බෙදාගන්න. ජයවේවා කිව්ව කට්ටියටම..

Monday 8 August 2011

වන්දනා නඩේ Vs. මOකොල්ල කාරයො සෙට් එක..

ඔන්න මේක ගමක සෙටාර් එකක් සෙට් වෙලා වන්දනා ගමනක් යද්දි වෙච්ච ෂෝට් ඇන්ඩ් ස්වීට් කථා පොඩ්ඩක්..

දන්නවනෙ ඉතින් වන්දනා ගමනක් කිව්වම ඕකට වැඩියෙන්ම සෙට් වෙන්නෙ ගමේ ඉන්න වයසක සෙට් එකයි ගෑණු උදවියයිනෙ (වන්දනා කරන්නම කියල යන ඒව ගැන කිව්වේ.. මේකත් එහෙම නඩයක්..ඔන්න ඉතින් නඩේ වන්දනා මාන එහෙම කරල සැදැහැ සිතින් තුන් සරණේ කවියක් එහෙම කියාගෙන රෑ බෝ වෙලා ආපහු ගමට කරුණා කරනවලු.

ඔන්න දැන් තමයි ඇක්ෂන් ෆිල්ම් එක පටන් ගන්නෙ... එක පාරටම මOකොල්ල කාරයො සෙට් එකක් මේ වන්දනා නඩේ ආපු බස් එක බොහොම බියකරු වටපිටාවක් තියන ප්ලේස් එකකදි බ්ලොක් කරල නැග්ගලු බස් එකට..මOකොල්ල කාරයො කිව්වම දන්නවනෙ ඉතින්, දරුණු ආයුධ ගත්තු හයේ හතරෙ සෙටාර් එකක්..මුන් ටික බස් එකට නැගපු ගමන් තුවක්කු පෙන්නලා කිව්වලු "අපි හරි දරුණු මිනිස්සු, සද්ද නැතුව අපි කියන විදියට ඉදපල්ල" කියලා..

වන්දනා ගමන් යද්දි ඉතින් නඩේ ගුරෙක් කියල ඉන්නවනේ, මේ නඩෙත් හිටියලු තලත්තෑනි ඉස්කෝල මහත්තයෙක් නඩේ ගුරා විදියට.. පොර ඉතින් කිව්වලු "අනේ අපි අසරණ මිනිස්සු, මොකක්ද අපිට කරන්න යන්නෙ" කියල..ඇහුව විතරයි අර නැගපු සෙට් එකේ ලොක්ක රැවුලත් කරකව කරකව කිව්වලු "අපි තොපේ ගාව තියන වටින කියන ඔක්කොම දේවල් අරගෙන උඹලගෙ ගෑණු ඔක්කොම දූෂණය කරනවා, බූ හා හා" කියලා.. ඇග කිලිපොලා යනවා නේ???

අනේ ඉතින් මේක අහපු මේ නඩේ ගුරා නොවදිනා වැදුම් වදින්න පටන් ගත්තලු "අනේ අපි ගාව තියන ඕනම වටින කියන ඩෙයක් ගන්න මේ උපසිකාවො ටිකට එහෙම දෙයක් කරන්න එපා" කියල..

අම්මට සිරි මේ බුවා එහෙම කියන්න ගත්ත විතරයි පිටිපස්සෙම ෂීට් එකේ හිටපු ඇහැට කනට පේන, මදින්නෙයි කියල දත් එහෙම නැති, 70ක 80ක විතර උපාසිකාවක් දඩි බිඩි ගාල නැගිටල කියනවලු " හා හා ඔය නඩේ ගුරා පැත්තකට උනානම් ඔය නැගපු ළමයිට කැමති දෙයක් කරගන්න ඇරලා" :D...

ඇමරිකන් ගමේ කථාවක්…

මේකත් මා විසින්ම තෙලස්ට්‍රොව්හි පල කරන ලද කථාවකි...

ඔන්න ඉතින් තව එකක් ලියන්න හිතුනා :) … මේකත් මේ ලගදි මේල් එකක්ද කොහේද ආපු කතාවක්..

මේ කතාව වෙලා තියෙන්නෙ අපේ සුසිරිබර ලන්කාද්වීපෙ නම් නෙවෙයි..පට්ට චාටර් වැඩ වෙන ඇමරිකාවෙ තමයි මේ කියන කතාව වෙලා තියෙන්නෙ..
කතාවට බහිමුකො එහෙනම්.. අපේ මේ කතා නායකතුමා ඉපදිල තියෙන්නෙ ඇමරිකවෙ ගම්බද ප්‍රදේශයක බොහොම වැදගත් පවුලක.ඉතින් මේකා ටිකක් ලොකු වෙලා ගමේ අහින්සක ගටිස්සියෙක්වත් බෙදගෙන ටික දවසක් යද්දි ඉතින් ආර්තික දුශ්කරතා එහෙම එද්දි නගරෙට සේන්දු උනාලු රස්සාවක් කොරන්න කියල.. ඕවයේ ඉන්න ගැටිස්සියො ඉතින් දන්නෙ නැද්ද, කිසි කමකට හැදිච්ච එව්වො නෙවේනෙ.. ඉතින් මේ අහින්සක, හැදිච්ච කොලු ගැටයව අල්ලගෙන එක එක සෙල්ලම් දාලා මූට අර ඒඩ්ස් කියන ලෙඩේ හැදිල :( ..

මූ ඉතින් යන එන මන් නැති වෙලා අම්මට කතා කරල වෙච්ච සිද්දිය ඇඩූ කදුලින් කියල ආයෙ ගමට එනව කියල කිව්වලු.. මෙන්න මේක කිව්ව විතරඉ අම්ම කිව්වලු උඹ ගමේනම් එන්න එපා මගෙ පුතේ කියල.. මේක අහුවට පස්සෙ කොල්ලට හොදටම අවුල් ගිහින් ඇයි අම්මෙ එහෙම කියන්නෙ මට මෙහෙ එපා වෙලා තියෙන්නෙ අයි අම්ම මට එන්න එපා කියන්නෙ කියල නහයෙන් අඩන්න ගත්තලු..ඉතින් අම්මත් අඩ අඩ කියන්න ගත්තලු මෙන්න මෙහෙම..

“පුතේ, උඹ ඔය කරුම ලෙඩේ හදාගෙන ගෙදර ආවොත් උඹෙන් ඕක හැදෙනව උඹේ ගෑණිට, ඒකිගෙන් හැදෙනව උඹේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩ කරන කෙල්ලට, ඒකිගෙන් උඹේ තාත්තට, තාත්තගෙන් අල්ලපු ගෙදර ඇන්ටිට, ඇන්ටිගෙන් අන්කල්ට, අන්කල්ගෙන් මට, මගෙන් වත්තෙ වැඩ කරන එකාට, උගෙන් උඹේ න0ගිට.. න0ගිට හැදුන කියන්නෙ පුතේ ඕකිගෙන් මුලු ගමටම හැදෙනව කියන එකනෙ.. ඉතින් පුතේ මම මේ උඹට ගමට එන්න එපා කියන්නෙ මුලු ගමම බේරගන්න ඕනෙ නිසා…”

මේකඇහුවම අර කොලුවට මක් උනාද කියලනම් මම දන්නෙ නෑ.. :)

ග්‍රාමසේවකතුමා

මා විසින්ම තෙලස්ට්‍රොව්හි පල කරන ලද කථාවකි...

මේක වෙලා තියෙන්නෙ දකුනෙ පයාගල (අලුත් විදියට ) පෑත්තෙ ඉදලා ලුනුගල ( කොහෙද තියෙන්නෙ කියල මම දන්නෙ නෑ ) කියන පෑත්තට රාජකාරියට ගිය ග්‍රාම සේවක මහත්තයෙක්ට.. පොර ලුනුගලට ගියාට හිත තිබ්බෙම පයාගලම තමයිලු, ඒ නිසාමද කොහෙද දවසක් මොකක්දෝ සහතික කරගන්න ආව කොලුවෙකුට මීට “පය්යාගල ග්‍රාමසේවක තෑන” කියල සහතික කරල දුන්නලු.. ඉතින් මෙක මහ තෑනින් රිජෙක්ට් වෙනවනේ..ඉතින් කොල්ල උස්සන් ආවලු ආයෙ වෙනස් කරල දෙන්න කියල..එ පාර අපෙ ග්‍රාමසේවකතුමා ##යා කෑල්ල කපල දාල ලිව්වලු ලුනු කියල..මේක එහෙම කරා කියල සහතික කරන්නත් එපයි ඉතින්..ඔන්න ඉතින් ඒකට යටින් ලිව්වලු මෙන්න මෙහෙම.. “##යා කපා ලුනු දෑමූ බවටත්, ගල නොකෙපූ බවටත් මෙයින් සහතික වෙමි කියල”

රාජ කථා වස්තුවක්…

මා විසින්ම තෙලස්ට්‍රොව්හි පල කරන ලද කථාවකි... :)

මාර කම්මැලියි අප්පා.. කථාවක් ලියන්න කියල ගත්තට මුකුත් මතක් වෙන්නෙත් නෑ :( … ඔහොම ඉද්දි මතක් උනා අපේ එකෙක් කියපු පොඩි කථා වස්තුවක්. ඌ ටිකක් ආන්ඩු විරෝධියා.. රාජ විරෝධියෙක් කිව්වත් වැඩි වැරැද්දක් නෑ.. ඔන්න එහෙනම් කථාවට බහින්නම්කෝ…

ඒ කාලෙ රජතුමා හිටියෙ ***** * හවුස් කියල ප්ලේස් එකකලු. ඔන්න දවසක් අර **** * හවුස් එකේ දුරකථනය නාද වෙන්න ගත්තලු. ලොක්කට ඉතින් ඕවා ආන්සර් කරන්න වෙලාවක් නේනෙ, ගෙදර ලොකු නෝනලු ඉතින් ඕවට ආන්සර් කරන්නෙ, ඉතින් එතුමිය අරන් හලෝ කිව්වලු බොහොම ලස්සනට, අනිත් පැත්තෙන් කථා කරන එකා අඇහුවලු ආර්යාවද කියල. ඉතින් මෙහෙන් කිව්වලු ඔව්, මොකක්ද උවමනාව කියල..මෙන්න ඒ ගමන අර අසමත්ජාතිය අහනවලු ඔබතුමියගෙ පු_ තියනවද කියල…

නෝනට එකසිය ගානට මල පැනල මූනත් රතු කරගෙන කනට ගහන්න වගේ රිසීවර් එක තිබ්බලු.. ඔන්න ටික දවසක් ගියාලු, ආයෙත් දවසක් කෝල් එකක් අවිල්ල ආයෙත් ඇහුවලු අර අසමත්ජාති කතාවම..ඔහොම දවස් දෙක තුනක්ම උනාලු.. ලොකු නෝනගෙ ඇගත් බැස්සලු කවුද මේ වල් පාදඩය කියල හිතලම.. ලොක්කට කියන්නත් ලැජ්ජයිලු.. ඉතින් මෙහෙම ටික දවසක් යද්දි ලොක්ක දැක්කලු දේවියගෙ වෙනසක්, ඉතින් බොහොම ආදරෙන් ලගට අරන් අහුවලු මොකද දේවිය ප්‍රශ්නෙ කියල.. ඉතින් දේවියත් ටිකක් විතර ඇබරිල ඇබරිල කිව්වලු මුලු කතාවම.. ඉතින් අපේ ලොක්කත් හිනා වෙල කිව්වලු ඉතින් කියන්න එපැයි තියනව කියල, මේ තියෙන්න යස අගේට, තියනව කිව්ව්නම් ඉවරයිනෙ කියල..

ඔන්න ඉතින් ඊට පස්සෙ දවසකත් ආවලු එම කෝල් එකම.. මේ පාර ඉතින් ලොක්කිත් රෙඩිනෙ, අහපු ගමන් කිව්වලු ඔව් තියනව ඇය් මොකද කියල…

මෙහෙම කිව්ව විතරයි අනිත් පැත්තෙන් බොහෝම බයාදු විදියට අහනවලු “ඔබතුමීට තියනවනම් ඇයි මහත්තය මේ අහින්සක අපිටම අරින්නෙ කියල”

සෙත් කවිය (Saw this on FaceBook)

මේ විභාග මාසයේ මෙම සෙත් කවිය උදේ සවස කියැවීමෙන් මහත්පල මහානිසංස ලැබෙනු ඇත...

කපන කපන කොටු හරියට කැපේවා
ලියන ලියන බොරු හොදටම ලියවේවා
ගහන කනා ෂොට් හරියට වැදේවා
රෑ හීනෙන් paper එක පෙනේවා...

කරන කරන සුළු හරියට කෙරේවා
ගහන ගහන ඉර හරියට වැදේවා
බලන ගුරුට අනුකම්පා හිතේවා
බුදු සරණින් A 3ක්ම ලැබේවා...

ගින්දර වගෙ කොල්ලෙක්/කෙල්ලෙක් ළඟ හිඳේවා
ගහන කොප්ප කිසිකෙනුකුට නොපෙනේවා
දිවනෙත් අප දෙසටම යොමුවේවා
දෙවි පිහිටෙන් මේ වාරේ ගොඩ යැවේවා...

යහපතක්ම වේවා...!