Monday, 29 August 2011

"හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ"

මේක ලගදි මගෙ හොද කලාකාමී යාලුවෙක් කියපු කතාවක්.
මේක ඇත්තටම අපි කවුරුත් එක පාරක් හරි මුමුණලා තියන ලස්සන සින්දුවක් එක කාලෙක අපේ රටේ හිටපු සුන්දර මනුස්සයෙක් අතින් ලියවුනු හැටි ගැන කියවෙන පොඩි කථාවක්.සින්දුව තමයි පුන්සිරි සොයිසා මහත්මය ගායනා කරන "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" කියන සින්දුව. මේක ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර මනුස්සය.
ඔන්න ඉතින් කතාව. සන්ගීත ෆීල්ඩ් එකේ ඒ කාලෙ හිටපු සෑහෙන පොරවල් මධුවිතට බොහොම ලොල් උන හොදට බොන ඩයල් කියල තමයි කවුරු උනත් කියන්නෙ. ඉතින් මේ කථාවෙ එන ප්‍රේමකීර්ති මහත්තයත් එම සෙට් එකටම අයිති මනුස්සයෙක් තමයි(ලූ).ෆීල්ඩ් එකේ ගොඩක් අය එතුමා ගාවට සින්දුවක් ලියගන්න යන්නෙ මේ හේතුව නිසාම හිස් අතින්නම් නෙවෙයි(ලූ).
ඔන්න දවක් පුන්සිරි සොයිසා මහත්තය ගියාලු ප්‍රේමකීර්ති මහත්තයට කියල සින්දුවක් ලියවගන්න. ඉතින් සිරිත් පරිදි හොද බෝතලයකුත් අරගෙනලු ගියේ වැඩේ කරගන්න. කරුමෙක මහත කියන්නෙ පුන්සිරි මහත්තය යන වෙලාවෙ ප්‍රේමකීර්ති මහත්තය බොහොම වැදගත් වැඩකට එලියට යන්න ලෑස්ති වෙනවලු.දැන් පුන්සිරි මහත්තයගෙ අතේ තියන බඩුව දැක්කම යන්න තියන ගමනත් අමතක වෙනවනෙ, ගමන නොයාමත් බැරිලු, ඔන්න ඉතින් ඒ ගමන ඒ හදිස්සියට ලියල දුන්නලු මේ මුල් පද ටික.

"හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමු විය යුතු වේ..
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ" කියල :)

ඇත්තටම එ සින්දුව ඇහුවම හිතෙන්නෙ පෙම්වතෙක් තමන්ගෙ පෙම්වතියට ආදරෙන් කරන ඇරයුමක් වගේ, ඒ උනාට සින්දුවෙ පලවෙනි පද ටික හැදිල තියෙන්නෙ ඔන්න ඔහොමයි. ඊලග දවසෙ මිහිර අරන් ආයෙ ආවම ඉතුරු ටික හොදට ලියවෙන්න ඇති.

සමහරු මේ කතාව අහල ඇති.. අත්තටම ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ අපි කවුරුත් ගොඩක් ගරු කරන, අපේ රටේ අවාසනාවකට නැතිවෙලා ගියපු මනුස්සයෙක්. මේ කථාව ලිව්වෙ එතුමට අගෞරවයක් කරන්න නෙවේ, ඒ කාලෙ එතුමන්ලගෙ තිබ්බ නිර්මාණශීලී හැකියාව කොයි තරම්ද කියල මට මේ කථාව අහුනම දැනුන හැගීම කට්ටයත් එක්ක බෙදාගන්න. ජයවේවා කිව්ව කට්ටියටම..

No comments:

Post a Comment