Monday, 8 August 2011

වන්දනා නඩේ Vs. මOකොල්ල කාරයො සෙට් එක..

ඔන්න මේක ගමක සෙටාර් එකක් සෙට් වෙලා වන්දනා ගමනක් යද්දි වෙච්ච ෂෝට් ඇන්ඩ් ස්වීට් කථා පොඩ්ඩක්..

දන්නවනෙ ඉතින් වන්දනා ගමනක් කිව්වම ඕකට වැඩියෙන්ම සෙට් වෙන්නෙ ගමේ ඉන්න වයසක සෙට් එකයි ගෑණු උදවියයිනෙ (වන්දනා කරන්නම කියල යන ඒව ගැන කිව්වේ.. මේකත් එහෙම නඩයක්..ඔන්න ඉතින් නඩේ වන්දනා මාන එහෙම කරල සැදැහැ සිතින් තුන් සරණේ කවියක් එහෙම කියාගෙන රෑ බෝ වෙලා ආපහු ගමට කරුණා කරනවලු.

ඔන්න දැන් තමයි ඇක්ෂන් ෆිල්ම් එක පටන් ගන්නෙ... එක පාරටම මOකොල්ල කාරයො සෙට් එකක් මේ වන්දනා නඩේ ආපු බස් එක බොහොම බියකරු වටපිටාවක් තියන ප්ලේස් එකකදි බ්ලොක් කරල නැග්ගලු බස් එකට..මOකොල්ල කාරයො කිව්වම දන්නවනෙ ඉතින්, දරුණු ආයුධ ගත්තු හයේ හතරෙ සෙටාර් එකක්..මුන් ටික බස් එකට නැගපු ගමන් තුවක්කු පෙන්නලා කිව්වලු "අපි හරි දරුණු මිනිස්සු, සද්ද නැතුව අපි කියන විදියට ඉදපල්ල" කියලා..

වන්දනා ගමන් යද්දි ඉතින් නඩේ ගුරෙක් කියල ඉන්නවනේ, මේ නඩෙත් හිටියලු තලත්තෑනි ඉස්කෝල මහත්තයෙක් නඩේ ගුරා විදියට.. පොර ඉතින් කිව්වලු "අනේ අපි අසරණ මිනිස්සු, මොකක්ද අපිට කරන්න යන්නෙ" කියල..ඇහුව විතරයි අර නැගපු සෙට් එකේ ලොක්ක රැවුලත් කරකව කරකව කිව්වලු "අපි තොපේ ගාව තියන වටින කියන ඔක්කොම දේවල් අරගෙන උඹලගෙ ගෑණු ඔක්කොම දූෂණය කරනවා, බූ හා හා" කියලා.. ඇග කිලිපොලා යනවා නේ???

අනේ ඉතින් මේක අහපු මේ නඩේ ගුරා නොවදිනා වැදුම් වදින්න පටන් ගත්තලු "අනේ අපි ගාව තියන ඕනම වටින කියන ඩෙයක් ගන්න මේ උපසිකාවො ටිකට එහෙම දෙයක් කරන්න එපා" කියල..

අම්මට සිරි මේ බුවා එහෙම කියන්න ගත්ත විතරයි පිටිපස්සෙම ෂීට් එකේ හිටපු ඇහැට කනට පේන, මදින්නෙයි කියල දත් එහෙම නැති, 70ක 80ක විතර උපාසිකාවක් දඩි බිඩි ගාල නැගිටල කියනවලු " හා හා ඔය නඩේ ගුරා පැත්තකට උනානම් ඔය නැගපු ළමයිට කැමති දෙයක් කරගන්න ඇරලා" :D...

No comments:

Post a Comment